Facebook Comments Are Now Live

Filed Under (අන්තර්ජාලය, තොරතුරු) by ප්‍රබෝද මදුශාන් on 24-01-2011

8

ඔන්න ඉතින් කාලෙකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා.. පොඩි අලුත් දෙයක් දැක්ක නිසා මේක බ්ලොග් එකට දාන්න ඕනේ කියලා හිතුනා.. බ්ලොග් එකේ පෙනුම තාමත් ගිය අවුරු‍ද්දේ  අප්‍රේල් වල විතර වෙනස් උනු ගමන් මයි.. :roll:  ඒකෙන් වැඩක් නෑ.. ආ තව දෙයක් කියන්න තියෙනවා Maduonline මගේ (ප්‍රබෝද මදුශාන්ගේ) බ්ලොග් එක ආරම්භ කරලා හරියටම අවුරුද්දක් පිරුනා පහුඋන 19 වෙනිදට.. හා හා පුරා එදා දාපු ලිපිය බලන්න කැමැත්තක් ඇත්නම් මෙතනින් කියවන්න..

හරි දැන් අද ලිපිය පටන් ගන්නම්.. (දැන්වීම් දැම්මට තරහ ගන්න එහෙම එපා. ඒ ඡේදය වෙන් කලේ අකමැති අයට කෙලින්න මේක බලන්න) :h ඔන්න ඉතින් Facebook එකේ සැරිසරද්දිම ඒ ගැන මට දැනගන්න ලැබුනු දෙයක් තමයි,  දැන් යාළුවන්ගේ ස්ටේටස් (status) වල අපි දමන ප්‍රතිචාර (comments) සජීවී වීම..

ඒ කිව්වේ මම කමෙන්ට් එකක් දාලා පෝස්ට් එක දිහා බලන් ඉන්දි, තව කෙනෙක් කමෙන්ට් කරාම ඒක අපි බලන් ඉන්දිම තිබුනු කමෙන්ට් එක්ක එකතු වෙන එක.. සමහරවිට මේක කලින් ඉදන්ම තිබුනු දෙයක්ද දන්නෙත් නෑ.. නමුත් මේක ‍මටත් බුධාජීවටත් හමු උනේ අපේ ගයාන් කල්හාර ගේ අපූරු පෝස්ට් එකකට :P  කමෙ‍න්ට් කරන්න යද්දි බවත් කියන්න ඕනේ.. මේක chat කරනවා වගේම ලස්සන වැඩක්.. ඒක chat කරද්දි කොහොමත් විය යුතු හා වෙන දෙයක් නිසා ගානක් නැති උනත්, මෙතනදි මෙය අදහන්න වටින දෙයක් හැටියටයි මම නම් දකින්නේ.. :D ඉතින් මේක කියවලා කරලා මූනුපොතටත් ඔළුව දාලා කරලා ‍කමෙන්ට් ටිකක් දාලා කාරිය මේක ටෙස්ට් කරලා මෙතෙන්ටත් ප්‍රතිචාර නැත්නම් කමෙන්ට් එකක් දාල යන්න..

දැන් බ්ලොග් වලට කමෙන්ට් දාන්න කට්ටිය කම්මැලි වෙලාද මම දන්නෑ, බලන හැම එකටම කමෙන්ට් වැ‍ටිලා නෑ.. (මමත් ඉතින් කමෙන්ට් නැති ඒවට දාන්නේ මොකටද කියලා එනවා) :D

මෙම පින්තූර‍යේ දැක්වෙන්නේ ගයාන් කල්හාරගේ ඒ අපූරු පෝස්ට් එක සහ මමත් බුධාජීවයත් දමපු ‍කමෙන්ට් ටික.  මේක ඉතින් තවත් මඩ ගහන්න වත් ආදරේට දාපු පින්තූරයක් වත් නෙමෙයි කියලත් කියන්න ඕන.. :x :P

මම මේක පුවතක් හැටියට වත් ආරංචියක් හැටියට වත් වෙන කිසිම තැනක දැක්කේ නම් නෑ.. නමුත් මේ පුවත වැරදි එකක් වෙන්නත් බෑ.. එහෙම වෙනවා නම් මට සමාව දෙන්නත් වග බලා ගන්න කියලා කියනවා.. ඒ වගේම අපේ මේ ගයාන් කල්හාර කොල්ලගේ පෝස්ට් එක ගැනත් සලකා බලන්න කියලා ඉල්ලීමක් කරනවා… ඒකට ලින්ක් එක ඉහල ඇති..

Share

Facebook කපටි Application එක්ක ප්‍රවේසමෙන්..

Filed Under (අන්තර්ජාලය, තොරතුරු) by ප්‍රබෝද මදුශාන් on 15-06-2010

4

Facebook දියුණු වීම, එහි ක්‍රියාකාරී බව වැඩිවීම, භාවිතාව වැඩිවීම යන කරුණු නිසාම Facebook ගැන බොහෝ දෙනෙක් උනන්දුයි.. මේ දිනවල Facebook කියන්නේ Google ට පවා අභියෝගයක් වන හා වීගෙන යන සමාජ ජාල අඩවියයි.. ඉතින් ඔය අස්සේ තව තව මගෝ ඩිගොඩක් ;) ඒක ඇතුලේ කැරකෙන බව ඔබ නොදන්න විදියක් නෑ…

මේ කියන්න යන්නේ ඒ වගේ තවත් මගෝඩියක් ගැනයි. මෙය තවත් Mashable සටහනක සිංහල පරිවර්ථනයකි..

කලින් The sexiest video ever ලෙස පැමිනි එක මෙන්ම දැන් shocking video of a teacher physically assaulting a young man :h ලෙස වීඩියෝවක් පෙන්වීමට පොරොන්දුවෙමින් bit.ly සබැදියක් දිස්වන අතර එය බොහෝවිට ඔවුන්ගේ Application Fan page එකට ඔබව රැගෙන යයි.

ඉන්පසු, එම “Teacher nearly kills 13 year old boy. SHOCKING!” නමින් වන Application එක සඳහා ඔබව යොමුකරවයි..

ඉතින් මෙසේ ඉල්ලන අවසරය ඔබ දුන් පමණින් එම Application එක සිය වැඩ කටයුතු වලට ඔබේ profile එක හා අදාල තොරතුරු භාවිතා කරන්නට ගනියි.. දැනටමත් මෙම උවදුරට මාට්ටු වී ඇති අය ගණන 190,000 පමණ වන බවයි සදහන් වන්නේ..

සැබැවින්ම Facebook තුල මෙවැනි Application ඇත්තේ හුදෙක් මෙය පමණක්ද..? අනිවාර්‍යයෙන්ම තවත් සිය හෝ දහස් ගණනින් මේවා ඇතැයි සිතිය හැකි නොවේද,,? එම නිසා Facebook Application වලට පිවිසීමේදී හා ඒවාට අදාල අයිතීන් හා අවසරයන් ලබාදීමේදී දෙවරක් නොව හැකි පමණින් සිතන්න.. :yes: විශ්වාස කල හැකි Application පමණක් සෑම විටම භාවිතා කරන්න.. අද අන්තර්ජාලය යන මග අනුව දැන් දැන් අන්තර්ජාලය ගවේශනය  කරන්නා අතිශයින් බුද්ධිමත්ව කටයුතු නොකරන්නට ඔහු/ඇය අන්තර්ජාලයේ අතරමං වනවා පමණක් නොව අන්තර්ජාලයෙන් විනාශයට හා පරිහානියට ලක්විය හැකි නොවේද.. :?:

Share

35,500 දෙනෙකුටම Facebook එපා වුනේ ඇයි..?

Filed Under (අන්තර්ජාලය, තොරතුරු) by ප්‍රබෝද මදුශාන් on 02-06-2010

5

ගොඩ කාලෙකින් ලිපියක් ලියන්නත් වුනේ නෑ නෙව.. ඒ මම අසනීප වෙලා සිටි නිසා කියල කියන්න ඕන. අන්තිමට ලිව්වේ Facebook ගැන.. සහ දැන් ලියන්න උනෙත් Facebook ගැනම කමයි. නමුත් ඉතින් තොරතුරු ලැබෙන අයුරු ලිපි ලියන්න වෙනවනේ.. ඉතින් අද ලියන්න උනේ මේ දිනවල ලෝකයේ බොහෝමයක් දෙනාට තියෙන ගැටලුවක් වන Facebook එක තුල තමන් ඇත්තටම ආරක්ෂිතද කියන කාරණය ගැන.. ඉතින් මේ ගැන හොද‍ හොද කතා රාශියක් පසුගිය දිනවල අන්තර්ජාලය හරහා පැකිර ගිය බව ඔබත් දන්නවා ඇති.. සිංහලෙනුත් හොද ලිපි ගනනාවක්ම ලියවිලා තිබෙනු දුටිමි.. එයින් එකක් තමයි ප්‍රවීන් ඉන්ද්‍රනාමගේ ලිපිය. ඉතින් ලොකු කතා බහක් ගියා කිව්වනේ. ඕකෙන් තවත් එකක් තමයි මේ Quit facebook day කියන්නේ. :-o

මේ වෙබ් අඩවිය ගැන Facebook භාවිතා කරන්නන් අතර මහත් ආන්දෝලනයන් පවා ඇති උනා.. ඉතින් මෙසේ මේ කාටත් Facebook පිලිකුල් වන්නට හේතු වෙලා තියෙන්නේ ඇයිද කියන කාරණට විමසා බැලූ විට පෙනෙන්නට ඇත්තේ, ඒ අයට Read the rest of this entry »

Share

Facebook පිවිසීම දැන් නොමිලේ..

Filed Under (අන්තර්ජාලය, තාක්ෂණික) by ප්‍රබෝද මදුශාන් on 19-05-2010

19

ඔන්න Facebook කස්ටිය තමන්ගේ අඩවිය තවත් ජනප්‍රිය කරවන්නට ලස්සන (ඉතා හොද ;)  ) පියවරක් අරගෙන තියෙනවා… ඒක තමයි (දැනට) රටවල් 47 ක ජංගම දුරකථන ජාල 56 කින් නොමිලයේම Facebook ජංගම දුරකථන අඩවියට පිවිසීමට වරම් ලබාදීම..

මේ සදහා අප රටින් අදාල වන්නේ දැනට Mobitel ජංගම දුරකථන ජාලය පමණයි.. Facebook mobile අඩවිය දැනට මිලියන 100 ක් පමණ වන දෙනා භාවිතා කරන අතර, එය තවත් වර්ධනය කරගැනීම මෙහි අරමුණක් වේ. මෙසේ නොමිලයේ පිවිසිය හැක්කේ  අප එදිනෙදා භාවිතා කරන m.facebook.com ‍නම් නොව.. ඒ සදහා වෙනමම වෙන්වූ  0.facebook.com ලිපිනයයි.. පහත රූපසටහන Facebook blog පිටුවෙන් ගත් දැනට මෙය වලංගු වන දුරකථන ජාල දක්වන පින්තූරයකි,

මෙම ලිපිකයෙන් පිවිසුනු විට සාමාන්‍ය ජංගම අඩවියමය. බැලූ බැල්මට කිසි වෙනසක් නැත, නමුත් මෙම ලිපිනයට අදාලව පිවිසී‍මේදී, විච්චූරණ පින්තූර / වීඩියෝ ආදිය නම් පෙන්වන්නේ නැත. එයට හේතුව මෙම අඩවිය ඉතා වේගවත් හා නොමිලයේ වන නිසාත්ය. මෙය text-only නැතිනම් අකුරු හා පමණක්  ගණුදෙනු කල හැකි අඩවියකි.. කෙසේ වෙතත් මෙය Opera mini වැනි වෙනත් ක්‍රම හරහා අන්තර්ජාල පිවිසුම් ලබා දෙන වෙබ් ගවේශනයන් මගින් භාවිතා කල නොහැකිය..

මෙසේ මෙම පිටුවල පින්තූර නැති බව නිසා, ඉතා ඉක්මනින් පිටුව පූර්ණය වීමත් නිසා, ඉතා කාර්‍යක්ෂමව Facebook භාවිතා කිරීමට වරම් ලැබේ. මෙගින් ඔබට Status අළුත් කිරීම්, Comment කිරීම්, මිතුරන්ට Message යැවීම් වැනි සරල දේ පහසුවෙන් හා නොමිලයේම කරගැනීමට ඉඩකඩ ලැබේ. එම නිසා මෙතෙක් කල් මුදල් වියදම් කරමින් කර දේවල් දැන් නොමිලේ කරගන්නට ඉඩ ඇත. [දෙදෙනෙක් Facebook text සදහාද ලියාපදිංචි ව සිටීමෙන් දැන් නොමිලයේම මල් කඩන්නත් බැරි කමක් නැත... ;) ]

Facebook නම් මේ උපක්‍රමය යොදාගන්නේ අපට පහසුකම් සැලසීම මගින් සිය අඩවියේ අන්තර්ගතය හා එයට දෛනික පිවිසීම් ගණන වැඩි කරගන්නට බවට සැකයක් නැත.. මෙම සේවාව හරහා Facebook භාවිතය වැඩිවීම අප ර‍ටට කෙසේ බලපාවිද යන්න ගැටලුවක් වෙන්නත් පුළුවන.. කෙසේ නමුත් මෙමගින්, මෙතෙක් කල් Facebook වෙත සිය ජංගම දුරකථනයෙන් පිවිසි (මා ද ඇතුළුව) අයගේ පොකට්ටුවට යම් වාසියක් වීම ගැන සතුටු විය හැකිය. තවද මෙම සේවාව මගින් මෙම ජාල 56 වටා සිටින ජංගම දුරකථන භාවිතා කරන්නන් මිලියන 500 කට නොමිලයේ Facebook පිවිසීමට වරම් හිමිවනු ඇත.

ඔවුන් පවසන්නේ,  Our goal in mobile is to serve every user on every phone in every language on every network, කියාය.. මේ අනුව ඉදිරියේදී සිය අඩවිය භාවිතා කරන්නන්ට සෑම දුරකථනයකින්ම, ජාලයක් හරහාම අත්විදීමට ඉඩ සැලැස්වීමට කටයුතු කරනු ඔවුන්ගේ අරමුණයි.. ඉදිරි මාස 12 ඇතුලත මෙම සේවාව සියළුම ජාල වල ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි..

ඉතින් දැන් මොකද කියන්නේ… Dialog හා අනෙක් සබඳතා භාවිතා කරන අය Mobitel වෙත ගෙන ඒමට Facebook හි මෙම අළුත් හදුන්වාදීම ක්‍රියා කරාවිද…?? :h

{මේ ලිපිය ලියන්න ගනිද්දි අපට දුරකථන සඥ්ඥා ලැබෙන කුළුන ඉතා හොදින් තිබුනත්, මගදී 3G සිග්නල් නැති වීමත්, සාමාන්‍ය සබඳතාව ඉතාමත් අකාර්යක්ෂම වීමත් මත මෙම පෝස්ට් එක ලිවීමට අපරිමිත කුලකයක වන ගැහැට විඳින්නට වින.. එබැවින් මෙම ලිපියේ ප්‍රමාදය හා ගුණාත්මක භාවය පිළිබඳ මාගේ කණගාටුව.. ;(   } :x

Share

Facebook පිටු වල “Become a Fan” දැන් “Like” වෙයි

Filed Under (අන්තර්ජාලය, තොරතුරු) by ප්‍රබෝද මදුශාන් on 20-04-2010

5

Facebook හරහා මුළු ලෝකය පුරාම නව සම්බන්ධතා ලක්ෂ හෝ මිලියන හෝ ගනනින් බිහිවෙමින් පවතින යුගයක අප ජීවත් වන බව අපි සැම දෙනාම දන්න දෙයක්, ඒ අතරම Facebook සමාජ සම්බන්දීකරණ අඩවිය දවසින් දවස අතිශය දියුණු වෙමින් පවතී.. අද වන විට එය භාවිතා නොකරන අන්තර්ජාල භාවිතා ක‍රන්නෙක් නැති තරම්ය.. ලොකු, කුඩා, බාල, මහලු / ගැහැනු, පිරිමි ඔය සෑම දෙනෙක්ම දැන් Facebook හෙවත් “මුහුණු පොතට” තම මුහුණත් ඇතුලු කර ඇත.. ඒ අතර එකම මුහුණ දෙතුන් පාරටත් වඩා හමුවන අවස්ථාද නැතුවම නොවේ…

කෙසේ වෙතත් අද මම කියන්නට යන්නේ Facebook කරන්න යන නවීකරණයක් පිලිබදවයි.. මෙයින් අපගේ Profile එක තවත් සංකීර්ණ තත්වයකට පත්වෙන බවනම් පැහැදිලිය.. තීරණය නම්, අපගේ Profile එක යටතේ ‍ඇති, Likes and Interests යටතේ අප ලබාදෙන දේ වලට වැඩි අරුතක් ලබා දීමයි..

එනම් උදාහරණයක් වශයෙන් Favorite Music යටතේ ඔබ “Johnny Cash” යයි ලබාදුන්නේ නම්, Facebook විසින් ඉබේම ඔහුගේ Fan Page එක සොයා දී Fan කෙනෙක් නොවන්නේ නම් Fan කෙනෙක් විය යුතු දැයි අසයි. අවශ්‍ය නම් මෙම සබදතා Profile එකෙන් සගවා තැබීමටද අවස්ථාව ‘Privacy Settings’ යටතේ දී පුළුවන් බවත් ඔවුන් පවසයි. නමුත් අදාල Fan Page එකට ඔබේ නම ඉබේම ඇතුලත් වනු ඇත..

Community Pages

මෙලෙස හැදින්වෙන්නේ, අප මෙම Likes and Interests යටතේ ලබාදෙන සියළුම දෙවල් වෙනුවෙන් වෙන්වන Facebook Pages ය. මේවාටද “Become a Fan” වෙනුවට ඇත්තේ “Like” නැමැති බොත්තමකි.. ඒ අනුව ඔබ Likes and Interests තුල ඇතුළු කරන දේට කැමැත්තක් ඇති සියළුම අය මෙම Page එක තුළදී ඔබට දැකගැනීමට, කතා කිරීමට හැකි වනු ඇති. තවද එම විනෝදාංශයට හෝ අදාල ක්‍රියාවට සම්බන්ධ සියළුම තොරතුරු එම පිටුව හරහා ඔබට ලබා ගත හැකිවේ.. මුල් කාලයේ මෙම පිටුවලට Wikipedia තොරතුරු ඇතුලත් ‍වන අතර ඉදිරියේදී, ඒවා වෙනස් කිරීමට හා තවත් තොරතුරු ඇතුළු කිරීමටද හැකියාව ලබාදීමට බලාපොරොත්තු වන බව අදහසයි…

තවත් අයුරකින් බැලුව හොත්, කලින් අප Fan කෙනෙකු වන Pages වෙනම පහලින් ‍පෙන්නුවද දැන් ඒවා Likes and Interests යටතේම දිස් වේ යයි විශ්වාස කරමි.  තවද, අප ඕනෑම Facebook Fan page එකක  ”Become a Fan” වෙනුවට ඇති ”Like” විදානය දුන් විට එම පිටුවද Profile එකේ අදාල කොටස තුල දර්ශනය වනු ඇත.. ඒ අනුව අප ගායකයෙකුගේ Fan Page එකක් හා සම්බන්ධ වුන හොත් එය Favorite Music යටතේ පෙන්විය යුතුය… මෙම වෙනස Facebook තුල සෑහෙන්න වෙනසක් සිදුවන දෙයක් බව බොහෝ දෙනාගේ  ‍මතයයි.. මේ වන විට ‍මෙම වෙනස් කම  ඔබගේ ගිණුම තුලත් දැකගත හැකි විය යුතුය.. එය අත්හදා බලා මෙහි ප්‍රතිචාර යටතේ ඔබේ අදහසත් පලකරන්න අමතක කරන්න එපා…

සැ.යු.. මෙම තොරතුරු සියල්ලක්ම විවිධ අඩවි (English) වලින් හා Facebook Blog Post එකකින් කියවා ගත් ඒවා නිසා, මෙහි ‍තොරතුරු වල සුළු වෙනස්වීම් විය හැකි බවද වටහා ගනු මැනවි.. මේ ගැන ඔබේ සිතුවිල්ලත් මෙහි ප්‍රතිචාරයක් ලෙස එකතු කරන්න…

Share