පිට් පොකට් ගහන්න සාක්කුවට අත දාන්නම ඕනෙද..?

Filed Under (ජීවිතය, තොරතුරු) by ප්‍රබෝද මදුශාන් on 13-12-2010

3

මුලින්ම කියන්න ඕන කාලෙකින් බ්ලොග් එකට ලිපියක් ලියන්න බැරි උනේ වැඩ වැඩි වීම හේතුවෙන් බව.. :S උසස් පෙළ 2011 වර්ෂයේදී ලියන්න තිබුනත් මේක මේ වෙන වෙන අන්තර්ජාලීකරණ වැඩවල නියැලීම නිසා සිදුවුනු වැඩ වැඩිවීමක් බවත් කියන්න ඕන.. ඇත්තටම මම වෙබ් අඩවි කිහිපයක් පවත්වාගෙන යන නිසා මේ සදහා කාලය වෙන් කිරීම ගැටලුවක් උනා..

හරි කොහොමෙන් කොහොම හරි කතාවට බැස්සොත් මම මේ කියන්න යන්නේ සොරකමක තවත් ස්වරූපයත් ගැන.. සමහරවිට මේ ගැජට් එක කලින් ඔබ දැකලත් ඇති.. :roll: නැත්නම් ඉතින් අද බලාගන්න..

අද කාලේ බහුලවම සිදුවෙන සොරකම් කිරීමේ ක්‍රමයක් නේ මේ පිට් පොකට් ගැහිල්ල, නැත්නම් සාක්කුවට බහින එක.. :8 ඉතින් ලංකාව ගැන කතා කරනකොට කොළඔ හා එවැනි තවත් ජන බහුල හා කාර්‍යබහුල නගරවල දවසට සෑහෙන ප්‍රමාණයක් මෙවැනි සිදුවීම් සිදුවෙන බව අමුතුවෙන් කිවයුතු නෑනේ.. මේ අයට ලේසි වෙන තවත් උපකරණයක් තමයි පහත වීඩියෝවෙන් හදුන්වාදෙන්නේ.. ඔබත් මෙය බලා මෙවැනි ක්‍රියා වලින් ප්‍රවේසමට‍ හෝ නැතිනම් ඉතින් ඔබ මේ වගේ දේ කරපු හෝ කරන කෙනෙක් නම් ;) ඔන්න දැන් වැඩේ පහසු කරන්න පුළුවන්. වැඩි මහන්සියක් චකිතයක් නැතුව වැ‍ඩේ කරගන්න පුළුවන් වේවි… :h

මොකද හිතන්නේ..? ඇත්තටම මේවගේ දෙයක් පැතිරුනොත් අපේ රහස්‍ය භාවයන් පිලිබදව ආයේ කවර කතාද නේ..? :D ඉතින් එහෙම නොවේවා කියල වත් එක සිතින් පතමු.. ඉදිරියටත් වැදගත් දෙයක් ලියන්න උත්සහ කරනවා, නමුත් ‍මේ සදහා ලැබෙන ප්‍රතිචාර ඒ සදහා ගැම්මක් වනු ඇතැයි මා සිතමි.. -ප්‍රබෝද මදුශාන්

Share

පහසුවෙන් දරන්න බැරි අපේ පාසල් බෑග් කලාව..

Filed Under (ජීවිතය) by ප්‍රබෝද මදුශාන් on 15-05-2010

15

මම එදා ඉඳන් අද වෙනතුරාම ලිපි පල කරේ තාක්ෂණය, අන්තර්ජාලය වැනි කරුණු කාරනා ගැන විතරක්ම බව ඔබට මතක ඇතිනේ.. :wink:  නමුත් අද හිතුනා මම ඊයේ දැකපු කාරණයක යතාර්ථය ගැන (පොඩි) ලිපියක් දාන්න ඕන කියලා.. ඇත්තටම මේක මට දකින්න ලැබුනේ ඊයේ (14) දහවල් 1:40 ට පමණ මම මාතර නගරයට ගිහින් නැවත පැමිණි ගාල්ල-මාතර බස් රථයකදීය..

ඔන්න මම බස් එකට නැගලා වාඩි උනා විතරයි පොඩි මල්ලියෙක්, පාසලත් ඕනනම් කියන්න පුළුවන් (පඹුරණ ශ්‍රී ශාරිපුත්‍ර විද්‍යාලය) බස් එකට ගොඩවෙලා, Read the rest of this entry »

Share

පින්තූර 884 ක් ගලපමින් Google ලාංඡනයක් සාදයි..

Filed Under (අන්තර්ජාලය, ජීවිතය, තොරතුරු) by ප්‍රබෝද මදුශාන් on 13-05-2010

5

ලන්ඩනයේ Google ආයතනයේ සේවකයන් කිහිප දෙනෙකු විසින්, තනි තනිව මුද්‍රණය කරගත් අඟල් 6 හා අඟල් 4 ප්‍රමාණයේ පින්තූර 884 ක් භාවිතෙයන් ඉතා දර්ශනීයව සිය සමාගම වන Google හි ලාංඡනය සකසන්නට සමත් විය..

මෙම නිර්මාණය සාර්ථකව නිම කිරීමට මොවුන්ට පැය 5 කුත් විනාඩි 30 ක් පමණ වෙහෙසීමට සිදුව ඇත.. :yes:  පහත දැක්වෙන්නේ, එම නිර්මාණය කරන ලද අතරතුර එය සිදුවූ අයුරු සජීවි පටිගත කිරීමකි.. තත්පර 7 ක් එක රාමුවකින් දක්වමින් මෙම වීඩියෝව තුල මුළු පැය 5 ම මිනිත්තු 1 කුත් තවත් තත්පර කිහිපයකට ගොනු කර දක්වා ඇත… :h

වැඩේ නරකම නෑ නේද..?? :wink:

Share

ජීවිතය ජයගන්න

Filed Under (ජීවිතය) by ප්‍රබෝද මදුශාන් on 06-02-2009

0

ජීවිතය කියන්නේ අපට අපේ සංසාර ගමනේදී හමුවන තවත් දෙයක් පමණක්ද? ටිකක් හිතන්න. . අපේ සංසාර ගමන කොතරම් දීර්ඝ ද කියන්න අපි කාටවත් බෑ වගේම, අපට ලැබී ඇති ජීවිතයත් කෙතරම් කාලයකට ද යන්න අප සියලු දෙනාම නොදන්න ‍දෙයක්. නමුත් අප ජීවත් වන කාලය තුල අප කරන, කියන දේ මගින් අපට, අපගේ මේ ජීවිතය සාර්ථක වූත් ලස්සන හා ප්‍රීතිමත් එකක් කරගැනීමට පුලුවන්. නමුත් එය එසේ වීමට නම් අප කල යුතු වන දේ අති විශාලයි. ඒත් අමාරැ නෑ. එයින් ටිකක් කිව්වොත්, එකක් තමයි අනුන්ට කරදරයක්, වරදත් නොකර, අපගේ ජීවිතයේ එක එක කාලසීමාවන්තුල කල යුතු වන දේ අතපසු නොකර, නිවැරදිව අවබෝධයෙන් කලහොත් අපට අප‍ගේ ජීවිතයේ විවිධ කාලසීමාවන් සාර්ථක කරගෙන ජීවිතයත් අති සාර්ථක, ආලෝකමත්, ප්‍රීතිමත් හා වඩාත් දීප්තිමත් ජීවිතයක් බවට පරිවර්ථනය කර ගැනීමට හැකිවනු ඇත.

උදාහරණයක් වශයෙන් බලන්න, අපගේ ළමා කාලය ගත්විට , එම කාලයට පමණක් ගතහැකි වන අධ්‍යාපනයන් නිවැරදිව, අවබෝදයෙන් කලහොත්, එම කාලයේදී අධ්‍යාපනික ජයග්‍රහණ ලබාගන්නට හැනිවන අතරම එමගින් අනාගතයත් සාර්ථක වෙන‍වා නොවේද . . ?

එම නිසා ඔබත්, දැන් ඔබ සිටින්නේ ජීවිතයේ කුමන අවධියේ වූවත්, එම කාලයේදී ඔබට කිරීමට ඇති වැදගත් ම කාර්යය තෝරාගෙන එය සාර්ථකව කලහොත් එය මුලු ජීවිතයම සාර්ථක වීමට හේතු වනු ඇත. ජීවිතයේ ඒ ඒ කාලයන් තුලදී කිරීමට ඇති දේ අතපසු කිරීම මගින් පසු කලකදී ජීවිතය නැතිකරගැනීමට පවා යොමුවෙන අයද අද අප අතර නැතුවා නොවේ.

එබැවින් ඔබ නුවණ බාවිතා කර තලෙය අපතේ නොයවා අනාගතය ලස්සන කරගැනීමට, අද දිනයේදී කල හැකි දේ අතපසු නොකර කරන්න උත්සහ ගෙන ජීවිතය ජයගත්ත.

Share