Facebook පිවිසීම දැන් නොමිලේ..
Filed Under (අන්තර්ජාලය, තාක්ෂණික) by ප්‍රබෝද මදුශාන් on 19-05-2010
19
ඔන්න Facebook කස්ටිය තමන්ගේ අඩවිය තවත් ජනප්‍රිය කරවන්නට ලස්සන (ඉතා හොද
) පියවරක් අරගෙන තියෙනවා… ඒක තමයි (දැනට) රටවල් 47 ක ජංගම දුරකථන ජාල 56 කින් නොමිලයේම Facebook ජංගම දුරකථන අඩවියට පිවිසීමට වරම් ලබාදීම..
මේ සදහා අප රටින් අදාල වන්නේ දැනට Mobitel ජංගම දුරකථන ජාලය පමණයි.. Facebook mobile අඩවිය දැනට මිලියන 100 ක් පමණ වන දෙනා භාවිතා කරන අතර, එය තවත් වර්ධනය කරගැනීම මෙහි අරමුණක් වේ. මෙසේ නොමිලයේ පිවිසිය හැක්කේ අප එදිනෙදා භාවිතා කරන m.facebook.com නම් නොව.. ඒ සදහා වෙනමම වෙන්වූ 0.facebook.com ලිපිනයයි.. පහත රූපසටහන Facebook blog පිටුවෙන් ගත් දැනට මෙය වලංගු වන දුරකථන ජාල දක්වන පින්තූරයකි,
මෙම ලිපිකයෙන් පිවිසුනු විට සාමාන්‍ය ජංගම අඩවියමය. බැලූ බැල්මට කිසි වෙනසක් නැත, නමුත් මෙම ලිපිනයට අදාලව පිවිසීමේදී, විච්චූරණ පින්තූර / වීඩියෝ ආදිය නම් පෙන්වන්නේ නැත. එයට හේතුව මෙම අඩවිය ඉතා වේගවත් හා නොමිලයේ වන නිසාත්ය. මෙය text-only නැතිනම් අකුරු හා පමණක් ගණුදෙනු කල හැකි අඩවියකි.. කෙසේ වෙතත් මෙය Opera mini වැනි වෙනත් ක්‍රම හරහා අන්තර්ජාල පිවිසුම් ලබා දෙන වෙබ් ගවේශනයන් මගින් භාවිතා කල නොහැකිය..
මෙසේ මෙම පිටුවල පින්තූර නැති බව නිසා, ඉතා ඉක්මනින් පිටුව පූර්ණය වීමත් නිසා, ඉතා කාර්‍යක්ෂමව Facebook භාවිතා කිරීමට වරම් ලැබේ. මෙගින් ඔබට Status අළුත් කිරීම්, Comment කිරීම්, මිතුරන්ට Message යැවීම් වැනි සරල දේ පහසුවෙන් හා නොමිලයේම කරගැනීමට ඉඩකඩ ලැබේ. එම නිසා මෙතෙක් කල් මුදල් වියදම් කරමින් කර දේවල් දැන් නොමිලේ කරගන්නට ඉඩ ඇත. [දෙදෙනෙක් Facebook text සදහාද ලියාපදිංචි ව සිටීමෙන් දැන් නොමිලයේම මල් කඩන්නත් බැරි කමක් නැත...
]
Facebook නම් මේ උපක්‍රමය යොදාගන්නේ අපට පහසුකම් සැලසීම මගින් සිය අඩවියේ අන්තර්ගතය හා එයට දෛනික පිවිසීම් ගණන වැඩි කරගන්නට බවට සැකයක් නැත.. මෙම සේවාව හරහා Facebook භාවිතය වැඩිවීම අප රටට කෙසේ බලපාවිද යන්න ගැටලුවක් වෙන්නත් පුළුවන.. කෙසේ නමුත් මෙමගින්, මෙතෙක් කල් Facebook වෙත සිය ජංගම දුරකථනයෙන් පිවිසි (මා ද ඇතුළුව) අයගේ පොකට්ටුවට යම් වාසියක් වීම ගැන සතුටු විය හැකිය. තවද මෙම සේවාව මගින් මෙම ජාල 56 වටා සිටින ජංගම දුරකථන භාවිතා කරන්නන් මිලියන 500 කට නොමිලයේ Facebook පිවිසීමට වරම් හිමිවනු ඇත.
ඔවුන් පවසන්නේ, Our goal in mobile is to serve every user on every phone in every language on every network, කියාය.. මේ අනුව ඉදිරියේදී සිය අඩවිය භාවිතා කරන්නන්ට සෑම දුරකථනයකින්ම, ජාලයක් හරහාම අත්විදීමට ඉඩ සැලැස්වීමට කටයුතු කරනු ඔවුන්ගේ අරමුණයි.. ඉදිරි මාස 12 ඇතුලත මෙම සේවාව සියළුම ජාල වල ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි..
ඉතින් දැන් මොකද කියන්නේ… Dialog හා අනෙක් සබඳතා භාවිතා කරන අය Mobitel වෙත ගෙන ඒමට Facebook හි මෙම අළුත් හදුන්වාදීම ක්‍රියා කරාවිද…??
{මේ ලිපිය ලියන්න ගනිද්දි අපට දුරකථන සඥ්ඥා ලැබෙන කුළුන ඉතා හොදින් තිබුනත්, මගදී 3G සිග්නල් නැති වීමත්, සාමාන්‍ය සබඳතාව ඉතාමත් අකාර්යක්ෂම වීමත් මත මෙම පෝස්ට් එක ලිවීමට අපරිමිත කුලකයක වන ගැහැට විඳින්නට වින.. එබැවින් මෙම ලිපියේ ප්‍රමාදය හා ගුණාත්මක භාවය පිළිබඳ මාගේ කණගාටුව..
}



