වඳුරෙකුට රොබෝ අතක් ලැබ..

Filed Under (තාක්ෂණික, තොරතුරු) by ප්‍රබෝද මදුශාන් on 04-06-2010

8

වඳුරෙකුගේ සිතුවිලි වලින් ඉතා විශ්මිත ලෙස ක්‍රියා කරන රොබෝ අතක් නිර්මාණය කිරීමට Pittsburgh විශ්ව විද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් පසුගියදා සමත් විය.. :yes: සමහරවිට ඔබ දකින්නත් ඇති. ඇත්තටම මේක මෙලෙස වඳුරෙකුට රොබෝ අතක් දුන් පළමු අවස්ථාව නම් නෙමෙයි.

මෙලෙසම 2008 වර්ශයේදී ද මෙ‍වැනි නිර්මාණයක් බිහි විය.. එය පහත පළමු වීඩියෝවෙන් දිස්වේ.. මෙවර නිර්මාණයේ ඇති විශේෂත්වය නම්, ‍පෙර (2008 වර්ශයේදී) නිර්මාණය වුනු පහත පළමු වීඩියෝවේ දැක්වෙන රොබෝ අත සතු වුනු ක්‍රියාකාරී අවස්ථා ගණනට වඩා, මෙවර රොබෝ අත සතු ක්‍රියාකාරී අවස්ථා ගණන වැඩි වීම හා ඉතා දියුණු තාක්ෂණයන්ගෙන් යුක්තව නිර්මාණය වී තිබීමයි..

මෙම වීඩියෝවේ දැක්වෙන්නේ, 2008 වර්ශයේදී ඒ නිර්මාණය වූ රොබෝ අතින්, වඳුරෙක් තම අත් පසෙක ලා ආහාර ලබාගැනීමයි,

මෙහි දැක්වෙන ක්‍රියාව නම්, වඳුරාට සිය අත් නොමැතිව නමුත් ඌ උගේ අත් මෙහෙයවන්න සිතන සිතුවිල්ල හරහා ක්‍රියාත්මක වන මෙම රොබෝ අත මගින් පළතුරු සිය ආහාරයට ලබාගැනීමයි..

මෙවර පර්යේෂණයේදී වඳුරාගේ මොළයට සංවේදක 2ක් සම්බන්ධ කර, එම සංවේදක අත ‍ප්‍රදේශයට එකකුත්, අත්ල ප්‍රදේශ සංවේදනය සඳහා තව එකකුත් යන අයුරු භාවිතා කර ඇත.. ඒ හරහා වඳුරාට සිය අත්ල පාලනය කිරීමටද හැකියාව ලැබී ඇති අයුරු ලබා ඇති එක් දියුණුවකි.. මොළයේ ස්නායු සෛල පිරික්සීම එම සංවේදක මගින් කරන අතර, එම දත්ත පරිගණකයක් හරහා මෙම අත ක්‍රියාකරවීමට අවශ්‍ය විද්‍යුත් දත්ත (විධානයන්) ලෙස පරිවර්ථනය කරවීම මෙහිදී සිදුවන සරල සංසිද්ධියයි.

මෙහිදී, මෙම වඳුරා (දකුණු පස) සිය දකුණු අත මගින් යම්  ෙබාත්තමක් අල්ලන්නට ගන්නා තැත මගින් ෙමම රොබෝ අත ක්‍රියාත්මක වෙයි.. පෙර අකට වඩා මෙම අත, කැරකවීම හා අත්ල ක්‍රියාකාරීත්වය වැනි අති දියුණු අවස්ථා ගණනකින් සමන්විත නිර්මාණයකි..

මෙලෙස මොළයේ සන්නිවේදන දත්ත හා යන්ත්‍ර සම්බන්ධ කරවීම මඟින් යම් දිනක, ආබාධිත වුනු පුද්ගලයින්ට සිය කාර්යයන් කර ගැනීමට පහසු වන අයුරු නිර්මාණයන් බිහි වීම සිදුවේවි.. එය මෙම නිර්මාණවල අනාගත බලාපොරොත්තුව වී ඇත. එමඟින් ඒ අයට සිය ජීවිතය පහසු කරගැනීමට ඉඩ ලැබෙන බව මෙම පර්යේෂකයින් වැඩි දුරටත් පෙන්වා දෙයි.. ඉතින් මෙවැනි හොඳ අරමුණු වල ගමන් මග ඉතා සුබදායි විය යුතු වනවා නෙවෙද..:?:

Share

35,500 දෙනෙකුටම Facebook එපා වුනේ ඇයි..?

Filed Under (අන්තර්ජාලය, තොරතුරු) by ප්‍රබෝද මදුශාන් on 02-06-2010

5

ගොඩ කාලෙකින් ලිපියක් ලියන්නත් වුනේ නෑ නෙව.. ඒ මම අසනීප වෙලා සිටි නිසා කියල කියන්න ඕන. අන්තිමට ලිව්වේ Facebook ගැන.. සහ දැන් ලියන්න උනෙත් Facebook ගැනම කමයි. නමුත් ඉතින් තොරතුරු ලැබෙන අයුරු ලිපි ලියන්න වෙනවනේ.. ඉතින් අද ලියන්න උනේ මේ දිනවල ලෝකයේ බොහෝමයක් දෙනාට තියෙන ගැටලුවක් වන Facebook එක තුල තමන් ඇත්තටම ආරක්ෂිතද කියන කාරණය ගැන.. ඉතින් මේ ගැන හොද‍ හොද කතා රාශියක් පසුගිය දිනවල අන්තර්ජාලය හරහා පැකිර ගිය බව ඔබත් දන්නවා ඇති.. සිංහලෙනුත් හොද ලිපි ගනනාවක්ම ලියවිලා තිබෙනු දුටිමි.. එයින් එකක් තමයි ප්‍රවීන් ඉන්ද්‍රනාමගේ ලිපිය. ඉතින් ලොකු කතා බහක් ගියා කිව්වනේ. ඕකෙන් තවත් එකක් තමයි මේ Quit facebook day කියන්නේ. :-o

මේ වෙබ් අඩවිය ගැන Facebook භාවිතා කරන්නන් අතර මහත් ආන්දෝලනයන් පවා ඇති උනා.. ඉතින් මෙසේ මේ කාටත් Facebook පිලිකුල් වන්නට හේතු වෙලා තියෙන්නේ ඇයිද කියන කාරණට විමසා බැලූ විට පෙනෙන්නට ඇත්තේ, ඒ අයට Read the rest of this entry »

Share

පින්තූර 884 ක් ගලපමින් Google ලාංඡනයක් සාදයි..

Filed Under (අන්තර්ජාලය, ජීවිතය, තොරතුරු) by ප්‍රබෝද මදුශාන් on 13-05-2010

5

ලන්ඩනයේ Google ආයතනයේ සේවකයන් කිහිප දෙනෙකු විසින්, තනි තනිව මුද්‍රණය කරගත් අඟල් 6 හා අඟල් 4 ප්‍රමාණයේ පින්තූර 884 ක් භාවිතෙයන් ඉතා දර්ශනීයව සිය සමාගම වන Google හි ලාංඡනය සකසන්නට සමත් විය..

මෙම නිර්මාණය සාර්ථකව නිම කිරීමට මොවුන්ට පැය 5 කුත් විනාඩි 30 ක් පමණ වෙහෙසීමට සිදුව ඇත.. :yes:  පහත දැක්වෙන්නේ, එම නිර්මාණය කරන ලද අතරතුර එය සිදුවූ අයුරු සජීවි පටිගත කිරීමකි.. තත්පර 7 ක් එක රාමුවකින් දක්වමින් මෙම වීඩියෝව තුල මුළු පැය 5 ම මිනිත්තු 1 කුත් තවත් තත්පර කිහිපයකට ගොනු කර දක්වා ඇත… :h

වැඩේ නරකම නෑ නේද..?? :wink:

Share

Youtube තුල පෞද්ගලිකත්වය තවත් රජයයි

Filed Under (අන්තර්ජාලය, තොරතුරු) by ප්‍රබෝද මදුශාන් on 13-05-2010

2

YouTube කියන්නේ, දැනට ලෝකයේ වීඩියෝ හුවමාරුව වැඩි වශයෙන්ම සිද්ධවන සුප්‍රසිද්ධම සේවාවයි.. ඉතින් YouTube ගැනත් කාටවත් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.. නමුත් මෙලෙස YouTube වෙත අප මුදාහරින අපගේ වීඩියෝ වල පුද්ගලික හා රහස්‍ය භාවය පිළිබද නිවැරදි විසදුමක් පෙර හරි හැටියට ඔවුන්ගේ සේවාව තුල දක්නට ලැබුනේ නැත.. නමුත් ඊට සරිලන ඉතා සුබදායි විසදුමක් ඔවුන් පෙර දිනදී ලොවට හදුන්වා දුනි.. Read the rest of this entry »

Share

windows 7 සමග සැගවුනු theme සොයා යමු

Filed Under (තාක්ෂණික, තොරතුරු) by ප්‍රබෝද මදුශාන් on 12-05-2010

17

ළගදී අපට සමීප වුනු ඉතාමත් දියුණු තාක්ෂණයන්ගෙන් පිරිපුන් මෙහෙයුම් පද්ධතියක් තමයි windows 7 කියන්නේ… ඉතින්, එහි අපට පෙන්වන තේමා වලට අමතරව එහි තුලම සැගවී ඇති විවිධ කලාපයන්ට අදාල වන තේමා කිහිපයක් සොයා යන ආකාරය විමසා බලමු… Read the rest of this entry »

Share