Facebook Comments Are Now Live

Filed Under (අන්තර්ජාලය, තොරතුරු) by ප්‍රබෝද මදුශාන් on 24-01-2011

8

ඔන්න ඉතින් කාලෙකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා.. පොඩි අලුත් දෙයක් දැක්ක නිසා මේක බ්ලොග් එකට දාන්න ඕනේ කියලා හිතුනා.. බ්ලොග් එකේ පෙනුම තාමත් ගිය අවුරු‍ද්දේ  අප්‍රේල් වල විතර වෙනස් උනු ගමන් මයි.. :roll:  ඒකෙන් වැඩක් නෑ.. ආ තව දෙයක් කියන්න තියෙනවා Maduonline මගේ (ප්‍රබෝද මදුශාන්ගේ) බ්ලොග් එක ආරම්භ කරලා හරියටම අවුරුද්දක් පිරුනා පහුඋන 19 වෙනිදට.. හා හා පුරා එදා දාපු ලිපිය බලන්න කැමැත්තක් ඇත්නම් මෙතනින් කියවන්න..

හරි දැන් අද ලිපිය පටන් ගන්නම්.. (දැන්වීම් දැම්මට තරහ ගන්න එහෙම එපා. ඒ ඡේදය වෙන් කලේ අකමැති අයට කෙලින්න මේක බලන්න) :h ඔන්න ඉතින් Facebook එකේ සැරිසරද්දිම ඒ ගැන මට දැනගන්න ලැබුනු දෙයක් තමයි,  දැන් යාළුවන්ගේ ස්ටේටස් (status) වල අපි දමන ප්‍රතිචාර (comments) සජීවී වීම..

ඒ කිව්වේ මම කමෙන්ට් එකක් දාලා පෝස්ට් එක දිහා බලන් ඉන්දි, තව කෙනෙක් කමෙන්ට් කරාම ඒක අපි බලන් ඉන්දිම තිබුනු කමෙන්ට් එක්ක එකතු වෙන එක.. සමහරවිට මේක කලින් ඉදන්ම තිබුනු දෙයක්ද දන්නෙත් නෑ.. නමුත් මේක ‍මටත් බුධාජීවටත් හමු උනේ අපේ ගයාන් කල්හාර ගේ අපූරු පෝස්ට් එකකට :P  කමෙ‍න්ට් කරන්න යද්දි බවත් කියන්න ඕනේ.. මේක chat කරනවා වගේම ලස්සන වැඩක්.. ඒක chat කරද්දි කොහොමත් විය යුතු හා වෙන දෙයක් නිසා ගානක් නැති උනත්, මෙතනදි මෙය අදහන්න වටින දෙයක් හැටියටයි මම නම් දකින්නේ.. :D ඉතින් මේක කියවලා කරලා මූනුපොතටත් ඔළුව දාලා කරලා ‍කමෙන්ට් ටිකක් දාලා කාරිය මේක ටෙස්ට් කරලා මෙතෙන්ටත් ප්‍රතිචාර නැත්නම් කමෙන්ට් එකක් දාල යන්න..

දැන් බ්ලොග් වලට කමෙන්ට් දාන්න කට්ටිය කම්මැලි වෙලාද මම දන්නෑ, බලන හැම එකටම කමෙන්ට් වැ‍ටිලා නෑ.. (මමත් ඉතින් කමෙන්ට් නැති ඒවට දාන්නේ මොකටද කියලා එනවා) :D

මෙම පින්තූර‍යේ දැක්වෙන්නේ ගයාන් කල්හාරගේ ඒ අපූරු පෝස්ට් එක සහ මමත් බුධාජීවයත් දමපු ‍කමෙන්ට් ටික.  මේක ඉතින් තවත් මඩ ගහන්න වත් ආදරේට දාපු පින්තූරයක් වත් නෙමෙයි කියලත් කියන්න ඕන.. :x :P

මම මේක පුවතක් හැටියට වත් ආරංචියක් හැටියට වත් වෙන කිසිම තැනක දැක්කේ නම් නෑ.. නමුත් මේ පුවත වැරදි එකක් වෙන්නත් බෑ.. එහෙම වෙනවා නම් මට සමාව දෙන්නත් වග බලා ගන්න කියලා කියනවා.. ඒ වගේම අපේ මේ ගයාන් කල්හාර කොල්ලගේ පෝස්ට් එක ගැනත් සලකා බලන්න කියලා ඉල්ලීමක් කරනවා… ඒකට ලින්ක් එක ඉහල ඇති..

Share

පිට් පොකට් ගහන්න සාක්කුවට අත දාන්නම ඕනෙද..?

Filed Under (ජීවිතය, තොරතුරු) by ප්‍රබෝද මදුශාන් on 13-12-2010

3

මුලින්ම කියන්න ඕන කාලෙකින් බ්ලොග් එකට ලිපියක් ලියන්න බැරි උනේ වැඩ වැඩි වීම හේතුවෙන් බව.. :S උසස් පෙළ 2011 වර්ෂයේදී ලියන්න තිබුනත් මේක මේ වෙන වෙන අන්තර්ජාලීකරණ වැඩවල නියැලීම නිසා සිදුවුනු වැඩ වැඩිවීමක් බවත් කියන්න ඕන.. ඇත්තටම මම වෙබ් අඩවි කිහිපයක් පවත්වාගෙන යන නිසා මේ සදහා කාලය වෙන් කිරීම ගැටලුවක් උනා..

හරි කොහොමෙන් කොහොම හරි කතාවට බැස්සොත් මම මේ කියන්න යන්නේ සොරකමක තවත් ස්වරූපයත් ගැන.. සමහරවිට මේ ගැජට් එක කලින් ඔබ දැකලත් ඇති.. :roll: නැත්නම් ඉතින් අද බලාගන්න..

අද කාලේ බහුලවම සිදුවෙන සොරකම් කිරීමේ ක්‍රමයක් නේ මේ පිට් පොකට් ගැහිල්ල, නැත්නම් සාක්කුවට බහින එක.. :8 ඉතින් ලංකාව ගැන කතා කරනකොට කොළඔ හා එවැනි තවත් ජන බහුල හා කාර්‍යබහුල නගරවල දවසට සෑහෙන ප්‍රමාණයක් මෙවැනි සිදුවීම් සිදුවෙන බව අමුතුවෙන් කිවයුතු නෑනේ.. මේ අයට ලේසි වෙන තවත් උපකරණයක් තමයි පහත වීඩියෝවෙන් හදුන්වාදෙන්නේ.. ඔබත් මෙය බලා මෙවැනි ක්‍රියා වලින් ප්‍රවේසමට‍ හෝ නැතිනම් ඉතින් ඔබ මේ වගේ දේ කරපු හෝ කරන කෙනෙක් නම් ;) ඔන්න දැන් වැඩේ පහසු කරන්න පුළුවන්. වැඩි මහන්සියක් චකිතයක් නැතුව වැ‍ඩේ කරගන්න පුළුවන් වේවි… :h

මොකද හිතන්නේ..? ඇත්තටම මේවගේ දෙයක් පැතිරුනොත් අපේ රහස්‍ය භාවයන් පිලිබදව ආයේ කවර කතාද නේ..? :D ඉතින් එහෙම නොවේවා කියල වත් එක සිතින් පතමු.. ඉදිරියටත් වැදගත් දෙයක් ලියන්න උත්සහ කරනවා, නමුත් ‍මේ සදහා ලැබෙන ප්‍රතිචාර ඒ සදහා ගැම්මක් වනු ඇතැයි මා සිතමි.. -ප්‍රබෝද මදුශාන්

Share

ලෝක කුසලානයේ ගෝල ට්විටරය (twitter) කීරි ගසයි..?

Filed Under (අන්තර්ජාලය, තොරතුරු) by ප්‍රබෝද මදුශාන් on 20-06-2010

3

Twitter, එහෙමත් නැත්නම් අපි ට්විටරය  කියල කියන මේ සමාජ ජාලීකරණ අඩවිය දැන් බොහෝමයක් දෙනා භාවිතා කරන හා බොහෝ දෙනෙක් ප්‍රිය කරන අඩවියක් බවට පත්වී හා තවදුරටත් පත් වෙමින් පවතී.. මේ ගැන වැඩි දැනුමක් නැති කෙනෙකු මේක කියෙව්වොත් කියලා මම ට්විටරය (twitter)ගැන පොඩි අදහසක් දෙන්නම්..

Twitter කියන්නේ සාමාන්‍යයෙන් ගත්කල යම් කෙනෙකුගේ ජීවිතයම කියවන්න පුළුවන් තැනක්  කිව්වොත් නිවැරදියි.. මොකද මේක බ්ලොග් පෝස්ට් දානවා වගේම, Micro bogging ලෙස හදුන්වන කෙටි ලිපි (අදහස්) ලිවීමට භාවිතා කරන ඔබ සැමටම විවෘත වෙබ් අඩවියක්. කෙටි ලිපි කියලා කිව්වේ අකුරු 140 කට පමණක් සීමා වෙන යමක් තමයි එක් වරකට මෙහි ගොනු කරන්නට ඉඩ කඩ ලැබෙන්නේ.. ට්විටරය  තුල ඉන්න බොහෝමයක් දෙනා මේක තමන්ගේ පුද්ගලික diary එක (දින පොත) හැටිය‍ටත් භාවිතා කරනු දකින්ට පිලිවන. ඒ මන්ද යත් ඔවුන් සිය දවසම මෙහි ලියනා බැවිනි..

දැන් මම කියන්න ආවේ වෙන දෙයක් නෙව.. ඒ මේ දවස් වල මේ twitter හරිම කාර්‍ය බහුල බව ආරංචියි.. ඒකට හේතුව කමයි ‍මේ දවස් වල පැවැත්වෙන Fifa පාපන්දු ලෝක ශූරතාවලිය..

සාමාන්‍යයෙන් එදිනෙදා භාවිතා වන දිනකදී තත්පරයකට අළුතින් ට්විටරයට එකතු වන ට්වීට්ස් (tweets) ගණන 750 ක් පමණ වන අගයක පවතින අතර,  ගිය සදුදා දින (14) Japan කණ්ඩායම විසින් Cameroon පිල 2 ට 0 ක් ලෙසින් පරාජය වුනු අවස්ථාවේ වාරතාගත ලෙස එය තත්පරයකට tweets 2,940 පමණ දක්වා වර්ධනය වී ඇත.. තවත් එවැනිම ආසන්න ට්වීට සංඛ්‍යාවක් දක්වා  වර්ධන වූ අවස්ථා ලෙස සදුදා දින උතුරු කොරියාවට විරුද්ධව බ්‍රසීලය සිය ප්‍රථම ගෝලය ලබාගැනීමත්, මෙක්සිකෝව දකුණු අප්‍රිකාවට එරෙහිව ගෝල ලබාගැනීමට තැත් කරමින් සිටි අවස්ථාවත් දැක්විය හැකිය..

බාස්කට්බෝල් ක්‍රීඩාවද මෙයට දෙවැනි නැත.. NBA Championship game නැමැති තරගාවලියකදී  Los Angeles Lakers හා Boston Celtics යන පිල් දෙක ක්‍රීඩාකරමින් සිටි මොහොතේදීද තත්පරයට tweets 3,085 පමණ අගයක් ගත් බව ඔවුන් පවසනවා..

මෑතකදී twitter තුල අප මුහුන පෑ යම් යම් ගැටළු වලට හේතුව වූයේද වෙන යම් දෙයක් නොව මෙසේ නොසිතූ නොපැතූ ලෙස එහි දත්ත භාවිතා කිරීම අධික ලෙස ඉහල යෑමමය.. කෙසේ වෙතත් ට්විටර් අය නම් කියන්නේ අළුත් වැඩියාවන් වලට අත ගැසීම මෙම පාපන්දු tweets Tසුනාමිය ඉවරවෙනතුරු නොහැකි බවය..

Share

අපෙන් තවත් අළුත් වැඩක්..!! (LKf)

Filed Under (අන්තර්ජාලය, තොරතුරු) by ප්‍රබෝද මදුශාන් on 19-06-2010

0

කාලෙකින් ලිපියක් ලියන්නත් බැරි උනා.. ඇත්තටම ඒකට හේතුව උනේ ලියන්න දේවල් නැතිව නෙමෙයි.. නමුත් මම අළුත් වැඩකට බැහැලා හිටිය නිසා මට ලියන්න තිබුනු කාලයත් ඒකට වැය කරන්න සිද්ධ වුනා.. ඉතින් අද මේ ලිපිය ලියන්නේ ඒ අළුත් වැඩේ ගැන කියන්නම තමයි..

මුලින්ම කියන්නම්, මේක Forum සයිට් එකක්.. සමහරවිට ලංකාවේ forum එකක් වෙනුවෙන් වෙන්වුනු එකම .com ඩොමේනයත් මෙය වෙන්න පුළුවන්.. www.LKforums.com හැටියට එය අන්තර්ජාලය තුල හදුනා ගන්න දැන් පිලිවන්..

දැනට නිල වශෙයන්  ෙම්ක පටන් අරන් දවස් 2යි වෙන්නේ.. ඉතින් තවම ලියාපදිංචි වී ඇති ප්‍රමාණය, posts, topics ප්‍රමාණය ගැන කියන්න දෙයක් නෑ නෙව..  දැනට මමත් budhajeewa ත් තමයි මේකේ පරිපාලන කටයුතු කරගෙන යන්නේ.. ඉදිරියේදී තව කිහිප දෙනෙකුගේම සහය ලබාගැනීමට සිදුවීම නම් ස්වභාවිකයි.. ;)

ඒ කොහොම උනත්, මෙම ලිපිය කියවන අපේ සිංහල මිතුරන් සැම දෙනාම මෙහි ලියාපදිචි වීම නම් අපි බලාපොරොත්තු වන බව කියන්න ඕන.. :yes: ඉතින් ඒ සභාවටත් ඔබ සැම දෙනාටම සාදරයෙන් ආරාධනා කරනවා.. :ela:

LKforums පිලිබද ගැටලු අදහස් යෝජනා ඇතිනම්, admin@lkforums.com හරහා අපට ලියන්න..

Share

Facebook කපටි Application එක්ක ප්‍රවේසමෙන්..

Filed Under (අන්තර්ජාලය, තොරතුරු) by ප්‍රබෝද මදුශාන් on 15-06-2010

4

Facebook දියුණු වීම, එහි ක්‍රියාකාරී බව වැඩිවීම, භාවිතාව වැඩිවීම යන කරුණු නිසාම Facebook ගැන බොහෝ දෙනෙක් උනන්දුයි.. මේ දිනවල Facebook කියන්නේ Google ට පවා අභියෝගයක් වන හා වීගෙන යන සමාජ ජාල අඩවියයි.. ඉතින් ඔය අස්සේ තව තව මගෝ ඩිගොඩක් ;) ඒක ඇතුලේ කැරකෙන බව ඔබ නොදන්න විදියක් නෑ…

මේ කියන්න යන්නේ ඒ වගේ තවත් මගෝඩියක් ගැනයි. මෙය තවත් Mashable සටහනක සිංහල පරිවර්ථනයකි..

කලින් The sexiest video ever ලෙස පැමිනි එක මෙන්ම දැන් shocking video of a teacher physically assaulting a young man :h ලෙස වීඩියෝවක් පෙන්වීමට පොරොන්දුවෙමින් bit.ly සබැදියක් දිස්වන අතර එය බොහෝවිට ඔවුන්ගේ Application Fan page එකට ඔබව රැගෙන යයි.

ඉන්පසු, එම “Teacher nearly kills 13 year old boy. SHOCKING!” නමින් වන Application එක සඳහා ඔබව යොමුකරවයි..

ඉතින් මෙසේ ඉල්ලන අවසරය ඔබ දුන් පමණින් එම Application එක සිය වැඩ කටයුතු වලට ඔබේ profile එක හා අදාල තොරතුරු භාවිතා කරන්නට ගනියි.. දැනටමත් මෙම උවදුරට මාට්ටු වී ඇති අය ගණන 190,000 පමණ වන බවයි සදහන් වන්නේ..

සැබැවින්ම Facebook තුල මෙවැනි Application ඇත්තේ හුදෙක් මෙය පමණක්ද..? අනිවාර්‍යයෙන්ම තවත් සිය හෝ දහස් ගණනින් මේවා ඇතැයි සිතිය හැකි නොවේද,,? එම නිසා Facebook Application වලට පිවිසීමේදී හා ඒවාට අදාල අයිතීන් හා අවසරයන් ලබාදීමේදී දෙවරක් නොව හැකි පමණින් සිතන්න.. :yes: විශ්වාස කල හැකි Application පමණක් සෑම විටම භාවිතා කරන්න.. අද අන්තර්ජාලය යන මග අනුව දැන් දැන් අන්තර්ජාලය ගවේශනය  කරන්නා අතිශයින් බුද්ධිමත්ව කටයුතු නොකරන්නට ඔහු/ඇය අන්තර්ජාලයේ අතරමං වනවා පමණක් නොව අන්තර්ජාලයෙන් විනාශයට හා පරිහානියට ලක්විය හැකි නොවේද.. :?:

Share