Facebook Comments Are Now Live
Filed Under (අන්තර්ජාලය, තොරතුරු) by ප්‍රබෝද මදුශාන් on 24-01-2011
8
ඔන්න ඉතින් කාලෙකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා.. පොඩි අලුත් දෙයක් දැක්ක නිසා මේක බ්ලොග් එකට දාන්න ඕනේ කියලා හිතුනා.. බ්ලොග් එකේ පෙනුම තාමත් ගිය අවුරුද්දේ අප්‍රේල් වල විතර වෙනස් උනු ගමන් මයි..
ඒකෙන් වැඩක් නෑ.. ආ තව දෙයක් කියන්න තියෙනවා Maduonline මගේ (ප්‍රබෝද මදුශාන්ගේ) බ්ලොග් එක ආරම්භ කරලා හරියටම අවුරුද්දක් පිරුනා පහුඋන 19 වෙනිදට.. හා හා පුරා එදා දාපු ලිපිය බලන්න කැමැත්තක් ඇත්නම් මෙතනින් කියවන්න..

හරි දැන් අද ලිපිය පටන් ගන්නම්.. (දැන්වීම් දැම්මට තරහ ගන්න එහෙම එපා. ඒ ඡේදය වෙන් කලේ අකමැති අයට කෙලින්න මේක බලන්න)
ඔන්න ඉතින් Facebook එකේ සැරිසරද්දිම ඒ ගැන මට දැනගන්න ලැබුනු දෙයක් තමයි, දැන් යාළුවන්ගේ ස්ටේටස් (status) වල අපි දමන ප්‍රතිචාර (comments) සජීවී වීම..
ඒ කිව්වේ මම කමෙන්ට් එකක් දාලා පෝස්ට් එක දිහා බලන් ඉන්දි, තව කෙනෙක් කමෙන්ට් කරාම ඒක අපි බලන් ඉන්දිම තිබුනු කමෙන්ට් එක්ක එකතු වෙන එක.. සමහරවිට මේක කලින් ඉදන්ම තිබුනු දෙයක්ද දන්නෙත් නෑ.. නමුත් මේක මටත් බුධාජීවටත් හමු උනේ අපේ ගයාන් කල්හාර ගේ අපූරු පෝස්ට් එකකට
කමෙන්ට් කරන්න යද්දි බවත් කියන්න ඕනේ.. මේක chat කරනවා වගේම ලස්සන වැඩක්.. ඒක chat කරද්දි කොහොමත් විය යුතු හා වෙන දෙයක් නිසා ගානක් නැති උනත්, මෙතනදි මෙය අදහන්න වටින දෙයක් හැටියටයි මම නම් දකින්නේ..
ඉතින් මේක කියවලා කරලා මූනුපොතටත් ඔළුව දාලා කරලා කමෙන්ට් ටිකක් දාලා කාරිය මේක ටෙස්ට් කරලා මෙතෙන්ටත් ප්‍රතිචාර නැත්නම් කමෙන්ට් එකක් දාල යන්න..
දැන් බ්ලොග් වලට කමෙන්ට් දාන්න කට්ටිය කම්මැලි වෙලාද මම දන්නෑ, බලන හැම එකටම කමෙන්ට් වැටිලා නෑ.. (මමත් ඉතින් කමෙන්ට් නැති ඒවට දාන්නේ මොකටද කියලා එනවා)
මෙම පින්තූරයේ දැක්වෙන්නේ ගයාන් කල්හාරගේ ඒ අපූරු පෝස්ට් එක සහ මමත් බුධාජීවයත් දමපු කමෙන්ට් ටික. මේක ඉතින් තවත් මඩ ගහන්න වත් ආදරේට දාපු පින්තූරයක් වත් නෙමෙයි කියලත් කියන්න ඕන..
මම මේක පුවතක් හැටියට වත් ආරංචියක් හැටියට වත් වෙන කිසිම තැනක දැක්කේ නම් නෑ.. නමුත් මේ පුවත වැරදි එකක් වෙන්නත් බෑ.. එහෙම වෙනවා නම් මට සමාව දෙන්නත් වග බලා ගන්න කියලා කියනවා.. ඒ වගේම අපේ මේ ගයාන් කල්හාර කොල්ලගේ පෝස්ට් එක ගැනත් සලකා බලන්න කියලා ඉල්ලීමක් කරනවා… ඒකට ලින්ක් එක ඉහල ඇති..

හෙහෙ ඒකනම් හොදයි..
හැබැයි කල්හාරයා ඕය පොටෝ එක දැක්කොත් නම් වහ බොනවා
ගම කාලා, මම ෆේස්බුක් එකට කලින් කමෙන්ට්ස් ටික දැක්කෙ මෙතනනින්..
මරණවා….!
BTW ෆේස්බුක් කමෙන්ට්ස් (fb2txt) මැසේජින් වැඩ කරන්නේ නැත දැන් ඉඳලා.
ලොල්ය.
@Gayan Kalhara: හැබෑට text messages එන්නෙ නැද්ද? :O
ඔව් අප්පා මටත් එන්නේ නැහැ නොවැ ඇස් ඇම් ඇස් මුණු පොතෙන්
am dancer
hiiiiiiiiiii
අනර්ඝයි
හ්ම්.. මටත් ආපු කාලයක් නම් මතක නෑ තමයි.. ලංකාවට විතරද දන්නෑ.. :O