Facebook කපටි Application එක්ක ප්‍රවේසමෙන්..
Filed Under (අන්තර්ජාලය, තොරතුරු) by ප්‍රබෝද මදුශාන් on 15-06-2010
4
Facebook දියුණු වීම, එහි ක්‍රියාකාරී බව වැඩිවීම, භාවිතාව වැඩිවීම යන කරුණු නිසාම Facebook ගැන බොහෝ දෙනෙක් උනන්දුයි.. මේ දිනවල Facebook කියන්නේ Google ට පවා අභියෝගයක් වන හා වීගෙන යන සමාජ ජාල අඩවියයි.. ඉතින් ඔය අස්සේ තව තව මගෝ ඩිගොඩක්
ඒක ඇතුලේ කැරකෙන බව ඔබ නොදන්න විදියක් නෑ…
මේ කියන්න යන්නේ ඒ වගේ තවත් මගෝඩියක් ගැනයි. මෙය තවත් Mashable සටහනක සිංහල පරිවර්ථනයකි..
කලින් The sexiest video ever ලෙස පැමිනි එක මෙන්ම දැන් shocking video of a teacher physically assaulting a young man
ලෙස වීඩියෝවක් පෙන්වීමට පොරොන්දුවෙමින් bit.ly සබැදියක් දිස්වන අතර එය බොහෝවිට ඔවුන්ගේ Application Fan page එකට ඔබව රැගෙන යයි.

ඉන්පසු, එම “Teacher nearly kills 13 year old boy. SHOCKING!” නමින් වන Application එක සඳහා ඔබව යොමුකරවයි..

ඉතින් මෙසේ ඉල්ලන අවසරය ඔබ දුන් පමණින් එම Application එක සිය වැඩ කටයුතු වලට ඔබේ profile එක හා අදාල තොරතුරු භාවිතා කරන්නට ගනියි.. දැනටමත් මෙම උවදුරට මාට්ටු වී ඇති අය ගණන 190,000 පමණ වන බවයි සදහන් වන්නේ..
සැබැවින්ම Facebook තුල මෙවැනි Application ඇත්තේ හුදෙක් මෙය පමණක්ද..? අනිවාර්‍යයෙන්ම තවත් සිය හෝ දහස් ගණනින් මේවා ඇතැයි සිතිය හැකි නොවේද,,? එම නිසා Facebook Application වලට පිවිසීමේදී හා ඒවාට අදාල අයිතීන් හා අවසරයන් ලබාදීමේදී දෙවරක් නොව හැකි පමණින් සිතන්න..
විශ්වාස කල හැකි Application පමණක් සෑම විටම භාවිතා කරන්න.. අද අන්තර්ජාලය යන මග අනුව දැන් දැන් අන්තර්ජාලය ගවේශනය කරන්නා අතිශයින් බුද්ධිමත්ව කටයුතු නොකරන්නට ඔහු/ඇය අන්තර්ජාලයේ අතරමං වනවා පමණක් නොව අන්තර්ජාලයෙන් විනාශයට හා පරිහානියට ලක්විය හැකි නොවේද..

මේවට මහා ලොකු ආරක්‍ෂන ක්‍රියාමාර්ග ගන්නවා වගේම, යමක් කරන්න කලිං පොඩ්ඩක් ඔය හැමෝගෙම ඔලුගෙඩිය ඇතුලෙ තියන මොළගෙඩිය පාවිච්චි කරනවානම් ආරක්‍ෂා වෙලා ඉන්න පුලුවන්!
තව අලුත් අයිටම් එකකුත් කියෙනව නේද? Auto Comment දාන?? :|
@බඩී, ඇත්ත.. දැන් මොලේ නැත්නම් අනාතයි..
@ගයන්ත, ඒ මොකක්ද ඒ..? :O
අර ඔටෝ කමෙන්ට් වැටෙන එකනම් මලම ඇනයක්…. :-( විකල්පයක් විදියට පාස් එක මාරු කරාම හරියනවා