ලෝක කුසලානයේ ගෝල ට්විටරය (twitter) කීරි ගසයි..?
Filed Under (අන්තර්ජාලය, තොරතුරු) by ප්‍රබෝද මදුශාන් on 20-06-2010
3
Twitter, එහෙමත් නැත්නම් අපි ට්විටරය කියල කියන මේ සමාජ ජාලීකරණ අඩවිය දැන් බොහෝමයක් දෙනා භාවිතා කරන හා බොහෝ දෙනෙක් ප්‍රිය කරන අඩවියක් බවට පත්වී හා තවදුරටත් පත් වෙමින් පවතී.. මේ ගැන වැඩි දැනුමක් නැති කෙනෙකු මේක කියෙව්වොත් කියලා මම ට්විටරය (twitter)ගැන පොඩි අදහසක් දෙන්නම්..
Twitter කියන්නේ සාමාන්‍යයෙන් ගත්කල යම් කෙනෙකුගේ ජීවිතයම කියවන්න පුළුවන් තැනක් කිව්වොත් නිවැරදියි.. මොකද මේක බ්ලොග් පෝස්ට් දානවා වගේම, Micro bogging ලෙස හදුන්වන කෙටි ලිපි (අදහස්) ලිවීමට භාවිතා කරන ඔබ සැමටම විවෘත වෙබ් අඩවියක්. කෙටි ලිපි කියලා කිව්වේ අකුරු 140 කට පමණක් සීමා වෙන යමක් තමයි එක් වරකට මෙහි ගොනු කරන්නට ඉඩ කඩ ලැබෙන්නේ.. ට්විටරය තුල ඉන්න බොහෝමයක් දෙනා මේක තමන්ගේ පුද්ගලික diary එක (දින පොත) හැටියටත් භාවිතා කරනු දකින්ට පිලිවන. ඒ මන්ද යත් ඔවුන් සිය දවසම මෙහි ලියනා බැවිනි..

දැන් මම කියන්න ආවේ වෙන දෙයක් නෙව.. ඒ මේ දවස් වල මේ twitter හරිම කාර්‍ය බහුල බව ආරංචියි.. ඒකට හේතුව කමයි මේ දවස් වල පැවැත්වෙන Fifa පාපන්දු ලෝක ශූරතාවලිය..
සාමාන්‍යයෙන් එදිනෙදා භාවිතා වන දිනකදී තත්පරයකට අළුතින් ට්විටරයට එකතු වන ට්වීට්ස් (tweets) ගණන 750 ක් පමණ වන අගයක පවතින අතර, ගිය සදුදා දින (14) Japan කණ්ඩායම විසින් Cameroon පිල 2 ට 0 ක් ලෙසින් පරාජය වුනු අවස්ථාවේ වාරතාගත ලෙස එය තත්පරයකට tweets 2,940 පමණ දක්වා වර්ධනය වී ඇත.. තවත් එවැනිම ආසන්න ට්වීට සංඛ්‍යාවක් දක්වා වර්ධන වූ අවස්ථා ලෙස සදුදා දින උතුරු කොරියාවට විරුද්ධව බ්‍රසීලය සිය ප්‍රථම ගෝලය ලබාගැනීමත්, මෙක්සිකෝව දකුණු අප්‍රිකාවට එරෙහිව ගෝල ලබාගැනීමට තැත් කරමින් සිටි අවස්ථාවත් දැක්විය හැකිය..
බාස්කට්බෝල් ක්‍රීඩාවද මෙයට දෙවැනි නැත.. NBA Championship game නැමැති තරගාවලියකදී Los Angeles Lakers හා Boston Celtics යන පිල් දෙක ක්‍රීඩාකරමින් සිටි මොහොතේදීද තත්පරයට tweets 3,085 පමණ අගයක් ගත් බව ඔවුන් පවසනවා..
මෑතකදී twitter තුල අප මුහුන පෑ යම් යම් ගැටළු වලට හේතුව වූයේද වෙන යම් දෙයක් නොව මෙසේ නොසිතූ නොපැතූ ලෙස එහි දත්ත භාවිතා කිරීම අධික ලෙස ඉහල යෑමමය.. කෙසේ වෙතත් ට්විටර් අය නම් කියන්නේ අළුත් වැඩියාවන් වලට අත ගැසීම මෙම පාපන්දු tweets Tසුනාමිය ඉවරවෙනතුරු නොහැකි බවය..
