Filed Under (අන්තර්ජාලය , තොරතුරු ) by ප්‍රබෝද මදුශාන් on 20-06-2010
3
Twitter , එහෙමත් නැත්නම් අපි ට්විටරය කියල කියන මේ සමාජ ජාලීකරණ අඩවිය දැන් බොහෝමයක් දෙනා භාවිතා කරන හා බොහෝ දෙනෙක් ප්‍රිය කරන අඩවියක් බවට පත්වී හා තවදුරටත් පත් වෙමින් පවතී.. මේ ගැන වැඩි දැනුමක් නැති කෙනෙකු මේක කියෙව්වොත් කියලා මම ට්විටරය (twitter ) ගැන පොඩි අදහසක් දෙන්නම්..
Twitter කියන්නේ සාමාන්‍යයෙන් ගත්කල යම් කෙනෙකුගේ ජීවිතයම කියවන්න පුළුවන් තැනක් කිව්වොත් නිවැරදියි.. මොකද මේක බ්ලොග් පෝස්ට් දානවා වගේම, Micro bogging ලෙස හදුන්වන කෙටි ලිපි (අදහස්) ලිවීමට භාවිතා කරන ඔබ සැමටම විවෘත වෙබ් අඩවියක්. කෙටි ලිපි කියලා කිව්වේ අකුරු 140 කට පමණක් සීමා වෙන යමක් තමයි එක් වරකට මෙහි ගොනු කරන්නට ඉඩ කඩ ලැබෙන්නේ.. ට්විටරය තුල ඉන්න බොහෝමයක් දෙනා මේක තමන්ගේ පුද්ගලික diary එක (දින පොත) හැටියටත් භාවිතා කරනු දකින්ට පිලිවන. ඒ මන්ද යත් ඔවුන් සිය දවසම මෙහි ලියනා බැවිනි..
දැන් මම කියන්න ආවේ වෙන දෙයක් නෙව.. ඒ මේ දවස් වල මේ twitter හරිම කාර්‍ය බහුල බව ආරංචියි.. ඒකට හේතුව කමයි මේ දවස් වල පැවැත්වෙන Fifa පාපන්දු ලෝක ශූරතාවලිය..
සාමාන්‍යයෙන් එදිනෙදා භාවිතා වන දිනකදී තත්පරයකට අළුතින් ට්විටරයට එකතු වන ට්වීට්ස් (tweets) ගණන 750 ක් පමණ වන අගයක පවතින අතර, ගිය සදුදා දින (14) Japan කණ්ඩායම විසින් Cameroon පිල 2 ට 0 ක් ලෙසින් පරාජය වුනු අවස්ථාවේ වාරතාගත ලෙස එය තත්පරයකට tweets 2,940 පමණ දක්වා වර්ධනය වී ඇත.. තවත් එවැනිම ආසන්න ට්වීට සංඛ්‍යාවක් දක්වා වර්ධන වූ අවස්ථා ලෙස සදුදා දින උතුරු කොරියාවට විරුද්ධව බ්‍රසීලය සිය ප්‍රථම ගෝලය ලබාගැනීමත්, මෙක්සිකෝව දකුණු අප්‍රිකාවට එරෙහිව ගෝල ලබාගැනීමට තැත් කරමින් සිටි අවස්ථාවත් දැක්විය හැකිය..
බාස්කට්බෝල් ක්‍රීඩාවද මෙයට දෙවැනි නැත.. NBA Championship game නැමැති තරගාවලියකදී Los Angeles Lakers හා Boston Celtics යන පිල් දෙක ක්‍රීඩාකරමින් සිටි මොහොතේදීද තත්පරයට tweets 3,085 පමණ අගයක් ගත් බව ඔවුන් පවසනවා..
මෑතකදී twitter තුල අප මුහුන පෑ යම් යම් ගැටළු වලට හේතුව වූයේද වෙන යම් දෙයක් නොව මෙසේ නොසිතූ නොපැතූ ලෙස එහි දත්ත භාවිතා කිරීම අධික ලෙස ඉහල යෑමමය.. කෙසේ වෙතත් ට්විටර් අය නම් කියන්නේ අළුත් වැඩියාවන් වලට අත ගැසීම මෙම පාපන්දු tweets Tසුනාමිය ඉවරවෙනතුරු නොහැකි බවය..
Filed Under (අන්තර්ජාලය , තොරතුරු ) by ප්‍රබෝද මදුශාන් on 19-06-2010
0
කාලෙකින් ලිපියක් ලියන්නත් බැරි උනා.. ඇත්තටම ඒකට හේතුව උනේ ලියන්න දේවල් නැතිව නෙමෙයි.. නමුත් මම අළුත් වැඩකට බැහැලා හිටිය නිසා මට ලියන්න තිබුනු කාලයත් ඒකට වැය කරන්න සිද්ධ වුනා.. ඉතින් අද මේ ලිපිය ලියන්නේ ඒ අළුත් වැඩේ ගැන කියන්නම තමයි..
මුලින්ම කියන්නම්, මේක Forum සයිට් එකක්.. සමහරවිට ලංකාවේ forum එකක් වෙනුවෙන් වෙන්වුනු එකම .com ඩොමේනයත් මෙය වෙන්න පුළුවන්.. www.LKforums.com හැටියට එය අන්තර්ජාලය තුල හදුනා ගන්න දැන් පිලිවන්..
දැනට නිල වශෙයන් ෙම්ක පටන් අරන් දවස් 2යි වෙන්නේ.. ඉතින් තවම ලියාපදිංචි වී ඇති ප්‍රමාණය, posts, topics ප්‍රමාණය ගැන කියන්න දෙයක් නෑ නෙව.. දැනට මමත් budhajeewa ත් තමයි මේකේ පරිපාලන කටයුතු කරගෙන යන්නේ.. ඉදිරියේදී තව කිහිප දෙනෙකුගේම සහය ලබාගැනීමට සිදුවීම නම් ස්වභාවිකයි..
ඒ කොහොම උනත්, මෙම ලිපිය කියවන අපේ සිංහල මිතුරන් සැම දෙනාම මෙහි ලියාපදිචි වීම නම් අපි බලාපොරොත්තු වන බව කියන්න ඕන.. ඉතින් ඒ සභාවටත් ඔබ සැම දෙනාටම සාදරයෙන් ආරාධනා කරනවා..
LKforums පිලිබද ගැටලු අදහස් යෝජනා ඇතිනම්, admin@lkforums.com හරහා අපට ලියන්න..
Filed Under (අන්තර්ජාලය , තොරතුරු ) by ප්‍රබෝද මදුශාන් on 15-06-2010
4
Facebook දියුණු වීම, එහි ක්‍රියාකාරී බව වැඩිවීම, භාවිතාව වැඩිවීම යන කරුණු නිසාම Facebook ගැන බොහෝ දෙනෙක් උනන්දුයි.. මේ දිනවල Facebook කියන්නේ Google ට පවා අභියෝගයක් වන හා වීගෙන යන සමාජ ජාල අඩවියයි.. ඉතින් ඔය අස්සේ තව තව මගෝ ඩිගොඩක් ඒක ඇතුලේ කැරකෙන බව ඔබ නොදන්න විදියක් නෑ…
මේ කියන්න යන්නේ ඒ වගේ තවත් මගෝඩියක් ගැනයි. මෙය තවත් Mashable සටහනක සිංහල පරිවර්ථනයකි..
කලින් The sexiest video ever ලෙස පැමිනි එක මෙන්ම දැන් shocking video of a teacher physically assaulting a young man ලෙස වීඩියෝවක් පෙන්වීමට පොරොන්දුවෙමින් bit.ly සබැදියක් දිස්වන අතර එය බොහෝවිට ඔවුන්ගේ Application Fan page එකට ඔබව රැගෙන යයි.
ඉන්පසු, එම “Teacher nearly kills 13 year old boy. SHOCKING!” නමින් වන Application එක සඳහා ඔබව යොමුකරවයි..
ඉතින් මෙසේ ඉල්ලන අවසරය ඔබ දුන් පමණින් එම Application එක සිය වැඩ කටයුතු වලට ඔබේ profile එක හා අදාල තොරතුරු භාවිතා කරන්නට ගනියි.. දැනටමත් මෙම උවදුරට මාට්ටු වී ඇති අය ගණන 190,000 පමණ වන බවයි සදහන් වන්නේ..
සැබැවින්ම Facebook තුල මෙවැනි Application ඇත්තේ හුදෙක් මෙය පමණක්ද..? අනිවාර්‍යයෙන්ම තවත් සිය හෝ දහස් ගණනින් මේවා ඇතැයි සිතිය හැකි නොවේද,,? එම නිසා Facebook Application වලට පිවිසීමේදී හා ඒවාට අදාල අයිතීන් හා අවසරයන් ලබාදීමේදී දෙවරක් නොව හැකි පමණින් සිතන්න.. විශ්වාස කල හැකි Application පමණක් සෑම විටම භාවිතා කරන්න.. අද අන්තර්ජාලය යන මග අනුව දැන් දැන් අන්තර්ජාලය ගවේශනය කරන්නා අතිශයින් බුද්ධිමත්ව කටයුතු නොකරන්නට ඔහු/ඇය අන්තර්ජාලයේ අතරමං වනවා පමණක් නොව අන්තර්ජාලයෙන් විනාශයට හා පරිහානියට ලක්විය හැකි නොවේද..
Filed Under (තාක්ෂණික , තොරතුරු ) by ප්‍රබෝද මදුශාන් on 04-06-2010
8
වඳුරෙකුගේ සිතුවිලි වලින් ඉතා විශ්මිත ලෙස ක්‍රියා කරන රොබෝ අතක් නිර්මාණය කිරීමට Pittsburgh විශ්ව විද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් පසුගියදා සමත් විය.. සමහරවිට ඔබ දකින්නත් ඇති. ඇත්තටම මේක මෙලෙස වඳුරෙකුට රොබෝ අතක් දුන් පළමු අවස්ථාව නම් නෙමෙයි.
මෙලෙසම 2008 වර්ශයේදී ද මෙවැනි නිර්මාණයක් බිහි විය.. එය පහත පළමු වීඩියෝවෙන් දිස්වේ.. මෙවර නිර්මාණයේ ඇති විශේෂත්වය නම්, පෙර (2008 වර්ශයේදී) නිර්මාණය වුනු පහත පළමු වීඩියෝවේ දැක්වෙන රොබෝ අත සතු වුනු ක්‍රියාකාරී අවස්ථා ගණනට වඩා, මෙවර රොබෝ අත සතු ක්‍රියාකාරී අවස්ථා ගණන වැඩි වීම හා ඉතා දියුණු තාක්ෂණයන්ගෙන් යුක්තව නිර්මාණය වී තිබීමයි..
මෙම වීඩියෝවේ දැක්වෙන්නේ, 2008 වර්ශයේදී ඒ නිර්මාණය වූ රොබෝ අතින්, වඳුරෙක් තම අත් පසෙක ලා ආහාර ලබාගැනීමයි,
මෙහි දැක්වෙන ක්‍රියාව නම්, වඳුරාට සිය අත් නොමැතිව නමුත් ඌ උගේ අත් මෙහෙයවන්න සිතන සිතුවිල්ල හරහා ක්‍රියාත්මක වන මෙම රොබෝ අත මගින් පළතුරු සිය ආහාරයට ලබාගැනීමයි..
මෙවර පර්යේෂණයේදී වඳුරාගේ මොළයට සංවේදක 2ක් සම්බන්ධ කර, එම සංවේදක අත ප්‍රදේශයට එකකුත්, අත්ල ප්‍රදේශ සංවේදනය සඳහා තව එකකුත් යන අයුරු භාවිතා කර ඇත.. ඒ හරහා වඳුරාට සිය අත්ල පාලනය කිරීමටද හැකියාව ලැබී ඇති අයුරු ලබා ඇති එක් දියුණුවකි.. මොළයේ ස්නායු සෛල පිරික්සීම එම සංවේදක මගින් කරන අතර, එම දත්ත පරිගණකයක් හරහා මෙම අත ක්‍රියාකරවීමට අවශ්‍ය විද්‍යුත් දත්ත (විධානයන්) ලෙස පරිවර්ථනය කරවීම මෙහිදී සිදුවන සරල සංසිද්ධියයි.
මෙහිදී, මෙම වඳුරා (දකුණු පස) සිය දකුණු අත මගින් යම් ෙබාත්තමක් අල්ලන්නට ගන්නා තැත මගින් ෙමම රොබෝ අත ක්‍රියාත්මක වෙයි.. පෙර අකට වඩා මෙම අත, කැරකවීම හා අත්ල ක්‍රියාකාරීත්වය වැනි අති දියුණු අවස්ථා ගණනකින් සමන්විත නිර්මාණයකි..
මෙලෙස මොළයේ සන්නිවේදන දත්ත හා යන්ත්‍ර සම්බන්ධ කරවීම මඟින් යම් දිනක, ආබාධිත වුනු පුද්ගලයින්ට සිය කාර්යයන් කර ගැනීමට පහසු වන අයුරු නිර්මාණයන් බිහි වීම සිදුවේවි.. එය මෙම නිර්මාණවල අනාගත බලාපොරොත්තුව වී ඇත. එමඟින් ඒ අයට සිය ජීවිතය පහසු කරගැනීමට ඉඩ ලැබෙන බව මෙම පර්යේෂකයින් වැඩි දුරටත් පෙන්වා දෙයි.. ඉතින් මෙවැනි හොඳ අරමුණු වල ගමන් මග ඉතා සුබදායි විය යුතු වනවා නෙවෙද..:?:
Filed Under (අන්තර්ජාලය , තොරතුරු ) by ප්‍රබෝද මදුශාන් on 02-06-2010
5
ගොඩ කාලෙකින් ලිපියක් ලියන්නත් වුනේ නෑ නෙව.. ඒ මම අසනීප වෙලා සිටි නිසා කියල කියන්න ඕන. අන්තිමට ලිව්වේ Facebook ගැන.. සහ දැන් ලියන්න උනෙත් Facebook ගැනම කමයි. නමුත් ඉතින් තොරතුරු ලැබෙන අයුරු ලිපි ලියන්න වෙනවනේ.. ඉතින් අද ලියන්න උනේ මේ දිනවල ලෝකයේ බොහෝමයක් දෙනාට තියෙන ගැටලුවක් වන Facebook එක තුල තමන් ඇත්තටම ආරක්ෂිතද කියන කාරණය ගැන.. ඉතින් මේ ගැන හොද හොද කතා රාශියක් පසුගිය දිනවල අන්තර්ජාලය හරහා පැකිර ගිය බව ඔබත් දන්නවා ඇති.. සිංහලෙනුත් හොද ලිපි ගනනාවක්ම ලියවිලා තිබෙනු දුටිමි.. එයින් එකක් තමයි ප්‍රවීන් ඉන්ද්‍රනාමගේ ලිපිය . ඉතින් ලොකු කතා බහක් ගියා කිව්වනේ. ඕකෙන් තවත් එකක් තමයි මේ Q uit facebook day කියන්නේ.
මේ වෙබ් අඩවිය ගැන Facebook භාවිතා කරන්නන් අතර මහත් ආන්දෝලනයන් පවා ඇති උනා.. ඉතින් මෙසේ මේ කාටත් Facebook පිලිකුල් වන්නට හේතු වෙලා තියෙන්නේ ඇයිද කියන කාරණට විමසා බැලූ විට පෙනෙන්නට ඇත්තේ, ඒ අයට Read the rest of this entry »