Facebook පෙනුම ඒකාකාර බවින් මුදවගමුද..??

Filed Under (අන්තර්ජාලය, තාක්ෂණික) by ප්‍රබෝද මදුශාන් on 22-02-2010

0

අද වන විට බොහෝමයක් දෙනාට, වෙනස් වෙමින් පවතින Facebook Interface එක නැතිනම් පෙනුම එපාවෙමින්හෝ ඒකාකාරී බවකින් යුක්ත බව ගැටලුවක්ව ඇත…මේ සදහා හොදම විසදුම නම් hi5 මෙන් තමන්ගේ කැමැත්ත පරිදි තමන්ගේ profile එකේ පෙනුම වෙනස් කිරීමට ලබා දීමයි… ඒ සදහා සාර්ථක පිලියම් නැතත්, Google Chrome වෙබ් බ්‍රව්සරය භාවිතා කරන ඔබට Google Chrome හරහා ලබා දෙන extensions මගින් මෙය යම්තාක් දුරකට කරගත හැකිය..

දැනට තම් මෙය භාවිතා කරන්නන් අති විශාල සංඛ්‍යාවක් ලොව පුරා ම සිටී.. ඔබ තවමත් මෙය නොදන්නේ නම් මෙම ලිපිය ඔබට වැදගත් වේ යයි විශ්වාස කරමි…. Google Chrome භාවිතා නෙකොරන කෙනෙක් නම් මුලින්ම එය භාවිතා කර බැලීම කරන්න…. එය Google හරහා නොමිලේම ලබාගන්න පුලුවන් software එකක්… (තවමත් Chrome ලග නැතිනම් http://www.google.com/chrome මගින් ලබාගන්න.)  කෙසේ හෝ, chrome භාවිතා කරන ඔබට Google Chrome Extensions භාවිතා කිරීමටද අවස්ථාව ලැබෙනව..

extensions කියන්නේ, facebook applications මගින්  facebook හිදි කෙරෙන කාර්‍යයට සමානව chrome වල කාර්‍යයක් කෙරෙන ඇඩොන කිව්වොත් නිවැරදියි.. මෙසේ කාර්‍යයන් කරන ඇඩෝන අතර තවත් ජනප්‍රිය extension එකක් තමයි Beautify Facebook.. මෙහි ක්‍රියාකාරීත්වය මගින්, facebook ප්‍රතිරෑපය යම් මට්ටමකට වෙනස් වීමක් දැකගත හැකි වෙයි. 






මෙය අත්හදා බැලීමට පැකිලෙන්න නම් අනවශ්‍යයය, එය වැදගත් නම් තබා ගැනීමත්, ඵලක් නැතිනම් uninstall කිරීමත් ඉතාමත් පහසු ක්‍රියාවක්.. මෙන්න Link එක… මෙහි විස්තර කිරීම සෑහේ යයි සිතෙන නමුත්, ගැටලු ඇතිනම් comments යටතේ යොමුකරන්න..



Share

Ebay හරහා භාණ්ඩ ගෙන්වීම සාර්ථකද..??

Filed Under (අන්තර්ජාලය) by ප්‍රබෝද මදුශාන් on 19-02-2010

0

Ebay වලින් ෂොපිං කිරීම සාර්ථකද යන්න ‍තවමත් බොහෝ දෙනෙකුට ගැටලුවක්… එයට හේතුව බොහෝමයක් දෙනා, අප රට දියුණු රටක් ලෙස පිලිගැනීමට තවමත් සූදානම් නොවන නිසාද විය හැකිය.. කෙසේ වෙතත්, මා මෙම පුවතෙන් කියන්න සූදානම් වුනේ ebay හරහා භාණ්ඩ මිලදී ගැනීමට කිසිසේත්ම බිය විය යුතු නොවන බවය… මන්ද යනු, Ebay හරහා අප ගෙවනු ලබන සෑම සතයකටම Paypal හෝ Ebay හරහා ම රක්ෂණය වීමයි… මෙතෙක් කල් එම ආරක්ෂාව Paypal ගෙවීම් වලට පමණක් තිබුනත්, ළගදි එය Ebay හරහා ද මුලු මුදලටම වගකියන සේවාවක් හදුන්වා දුනි…මෙම රෑපයේ දැක්වෙන්නේ මා හට Hong Kong වෙළද ආයතනයක් හරහා dongle එකක් ලැබුනු තැපැල් කවරයකි..

*සැ.යු… කෙසේ වෙතත්, කුඩා (තැපැල් කිරීමට හැකි) භාණ්ඩ බදු නිදහස්ව ලැබුනද, විශාල මාදිලියේ භාණ්ඩ සදහා ආනයන බදු හෝ වෙනත් බදු වර්ග අය කිරීමක් විය හැක…(නමුත් dongle, pen drives, mp3players, mobile phones . . .ආදිය කිසිම අමතර ගාස්තුවකින් තොරව ලියුම් මාමාගේ අතින්ම, බොහෝ විට ලි.ප.තැ මගින් 100% සාර්ථකව නිවසටම ගෙන්වා ගත හැකිය..)
Share